පළමුවන ඒකකය - දෙවන සැසිවාරය


මාතෘකාව : සති මාත්‍රය හඳුනාගැනීම සහ පුරුදු කිරීම

පළමුවන සැසිවාරයේදී හඳුනාගත් සතිමත් ඇවිදීම හා හිඳගැනීම තව දුරටත් පුහුණු කිරීම. එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලදී සතිමත් වන සැටි හඳුනාගැනීම.


Practice සතිය පුහුණු කිරීම
මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව



Video වීඩියෝ පට 3


1. සතිමත් හිඳගැනීම - විනාඩි 9

  
  

සතිමත් අනුභවය - විනාඩි 9

  
  

3. සතිමත් ස්නානය - විනාඩි 8 

  
  



Discussion සාකච්ඡා වාරය

  • පළමුවන සැසි වාරයේ සාකච්ඡා කළ කරුණු තව දුරටත් දියුණු කිරීම. සති මාත්‍රය ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වෙත යොමු කිරීම. ඉන් පසු සතිමත් ඇවිදීම, වාඩි වීම, සිටගැනීම, සැතපීම ආදී ක්‍රියාවලටද යෙදවීම.
  • සතිමත් බව ඇද්දැයි විමසීමට “මේ මොහොතේ සිටීමේ” අත්දැකීම් යොදාගැනීම. නිදසුන්: දත් මැදීම, ස්නානය, ආහාර ගැනීම, ආදිය සෙමින්-සතියෙන්- නිශ්ශබ්දව (Slowly – Mindfully – Silently - SMS) කිරීම.
  • ශාරීරික සංවේදනා - ඇසීම, දැකීම, රස දැනීම, ස්පර්ශය, ආඝ්‍රාණය කෙරෙහි සති මාත්‍රය යෙදීම.
  • ශුභවාදී ආකල්පවල වැදගත්කම. පොලියානා කථාව ගැන සඳහන් කිරීම - අනාථ වූ කුඩා ගැහැනු ළමයාගේ ඉමහත් ශුභවාදී ආකල්ප (Glad game)
  • පන්තියේ සහ පාසලේ විවිධ අවස්ථාවලදී සහ විභාග ආදී පීඩාකාරී අවස්ථාවලදී මෙම පුහුණුව භාවිත කිරීම. 
  • සතිමත් බව හඳුන්වාදීමේදී නිර්මාණශීලී උපක්‍රම යොදාගැනීමට ගුරුවරුන් පෙළඹවීම. (නිදසුන්: පළමුවන කාලච්ඡේදයට කලින් විනාඩි 10 දී මම කොහොමද පන්තියට සතිමත් බව හඳුන්වා දෙන්නේ? මට පුළුවන්ද සිතුමිණ (Mind Jar) හෝ සීනුවක් යොදාගන්න? විවේක කාලයට පසු පන්තියට පැමිණෙන විට සතිමත් ඇවිදීම අනුව එන්න කියන්න පුළුවන්ද? සතිමත් බව පුහුණුවට සතිය තුළ වෙන් කර ඇති ඇති විනාඩි 30 ක කාලච්ඡේදය තුළ සතිමත්ව ආහාර ගැනීම හෝ සතිමත්ව ඇහුම්කන්දීම මාරුවෙන් මාරුවට යොදාගත හැකිද?)



Question ප්‍රශ්නෝත්තර වාරය




Reading කියවීම් 4

PDF සති පාසල පොත - 2 සතිය (ලිපි 5) 
PDF සති පාසල ගුරු අත්පොත - හතරවන පරිච්ඡේදය (සති මාත්‍රය) 
PDF  සති පාසල ගුරු අත්පොත - හතරවන පරිච්ඡේදය (පාසලේදී “සති මාත්‍රය” පිළිබඳ ඉගෙනුම්)
PDF  සතියේ බල මහිමය - පළමුවන පරිච්ඡේදය




Practice සතිය පුහුණු කිරීම
මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව

Video පළමුවන ඒකකය - දෙවන  සැසිවාරයේ සජීවී පටිගත කිරීම