Topic outline

  • මෙම පාඨමාලාවේ අරමුණ


    මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පාසල්වල ගුරුභවතුන් ලවා සිසුන්ට සතිය උගන්වන විධි පුහුණු කරවීමට සම්පත් දායකයන් පුහුණු කිරීමයි. ඒකක සතරකින් යුතු මේ වැඩසටහන සති හතරක් පුරා සෑම සතියකම දින දෙකක් තුළ පැය දෙකක කාලයක් zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. සතිය පුහුණු කිරීම සඳහා සෑම සැසියකදීම උපදේශාත්මක වීඩියෝ පට, සාකච්ඡා සහ ප්‍රශ්නෝත්තර වාර, පුහුණු කිරීම් හා නිර්දේශිත රචනා යොදාගනු ලැබේ.

    ප්‍රථම වැඩසටහන 2021 ජූලි මාසයේදී අතිපූජ්‍ය ධම්මජීව මහා ස්වාමින් වහන්සේ (සති පසල පදනමේ නිර්මාතෘ සහ අධ්‍යාත්මික නායක) සහ පූජ්‍ය පානදුරේ චන්දරතන හිමි (නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයේ නියෝජ්‍ය නායක සහ උපදේශක සති පසල පදනම) විසින් පවත්වන ලදී.
    • පළමුවන ඒකකය

      මෙම ඒකකයේ සාකච්ඡා වන කරුණු,

      • සති පාසල හැඳින්වීම සහ සතිය හඳුන්වා දීම
      • සති මාත්‍රය හඳුනාගැනීම සහ පුරුදු කිරීම
    • දෙවන ඒකකය

      මෙම ඒකකයේ සාකච්ඡා වන කරුණු,

      • මේ මොහොතට සතිමත් වීම
      • දැනීම් සහ හැඟීම්
    • තුන්වන ඒකකය

      මෙම ඒකකයේ සාකච්ඡා වන කරුණු,

      • නිහඬව නිරීක්ෂණය කිරීම
      • සමාජ චර්‍යා සහ අන්තර්සම්බන්ධතා
    • සිව්වන ඒකකය

      මෙම ඒකකයේ සාකච්ඡා වන කරුණු,

      • පන්තියෙන් ඔබ්බට
      • සමාජීය හා චිත්තවේග පිළිබඳ ඉගෙනුම