- මෙම පාඨමාලාවේ අරමුණ
- තුන්වන ඒකකය
තුන්වන ඒකකය
මෙම ඒකකයේ සාකච්ඡා වන කරුණු,
• නිහඬව නිරීක්ෂණය කිරීම
• සමාජ චර්යා සහ අන්තර්සම්බන්ධතාඅවදි බවින් යුතු, අවධානයෙන් යුතු, ක්‍රියාශීලී නිහඬ නිරීක්ෂකයෙකු වීම
මූලික ලක්ෂණ හඳුනාගැනීම හා කරුණාවන්ත බව, සංවේදී බව, ඉවසීම, කෘතඥතාව ආදී ගුණාත්මක වටිනාකම් දියුණු කරගැනීම
තුන්වන ඒකකයේ ප්‍රගුණ කළ කරුණු
- පංතියේ පොදු අභියෝගාත්මක තත්ත්ව මනසින් දැනගැනීම (උදා : ප්‍රමාණවත් තරමට ඉඩ නොමැති පන්ති කාමරවල කලබලකාරී හැසිරීම කාංසාව ඇති කරයි.) විශේෂයෙන් දඟකාර , රළු හැසිරීම් ඇති හෝ අනිකුත් සිසුන්ට හිරිහැර කරන සිසුන් සමග කටයුතු කිරීමේදී. තවද කාර්ය මාණ්ඩලයේ කාමරවල හෝ පාසල් පද්ධතියට අදාළ පරිසරයේ (උදා : අනෙකුත් ගුරු භවතුන් සමග ගැටුම් සහගත තත්ත්ව මතු වන අවස්ථාවලදී, විදුහල්පති හෝ පාසල් පරිපාලකයින් සමග එකඟ නොවීම් හෝ ආතති, ගැටුම්කාරී මත ඇති වන අවස්ථාවලදී)
- සිසුන් හෝ අනෙකුත් ගුරු භවතුන් සමග කටයුතු කිරීමේදී ස්වයංක්‍රියව ප්‍රතික්‍රියා කිරීම හෝ ආවේගීව හැසිරීම වෙනුවට ඉවසීම, සංවේදී බව ආදී වටිනාකම් පදනම් කරගත් හැසිරීමේ යෙදීම.
- සතිය පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතික්‍රියා කිරීමට නොව ප්‍රතිචාර දැක්වීමට පුරුදු වේ. සංයමයෙන් කටයුතු කිරීම , පූර්ව විනිශ්චයෙන් වැළකී සිටීම සහ ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකීම. කථා කිරීමට පෙර දෙවරක් සිතීම ආදී ගුණාංග පුරුදු වේ. (උදා: රළු කථාවක්ද? සිත් රිදවන කථාවක්ද? සංවේදී නොවන කථාවක්ද? ) කථා කිරීමට පෙර සිත් රිදවන කථා වළක්වාගැනීම සඳහා විරාමයක් ගෙන සතියෙන් ආවර්ජනය කිරීම. තවද රළු, සිත් රිදවන සහ සංවේදී නොවන ක්‍රියා නොකිරීම. එමෙන්ම ඔබගේ විනීත හැසිරීම් රටාව අනෙකුත් අයට කියාදීමටත් එය උදාහරණ මගින් පෙන්නුම් කිරීමටත් හැකි වේ.
- පංතිය ඉතාමත් ප්‍රියජනක හා උ ද්යෝගී ස්ථානයක් බවට පත් කිරීම. සියලුම සිසුන්ට සිනාමුසු මුහුණින් පන්තියට පැමිණීමට අවශ්‍ය කරන කටයුතු සහ පසුබිම සැලසීම. කිසිම ශිෂ්‍යකුට කිසිම ආකාරයකින් වෙනස්කම් නොකිරීමට වග බලාගැනීම.