සිව්වන ඒකකය - පළමුවන සැසිවාරය


මාතෘකාව : පන්තියෙන් ඔබ්බට


සතිය සහ සති සම්පජඤ්ඤය, මනස ශක්තිමත් කර ගැටුම් අවම වූ නිරවුල් මාර්ගය හෙළි කරයි.



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව


Video වීඩියෝ පට 3


1. සතිමත් අනුභවය - විනාඩි 9

    
    

2. සතිමත් පුහුණුව ගැන විමසීම - විනාඩි 9

    
    

3. සති සම්පජඤ්ඤය - විනාඩි 9

    
  




Discussion සාකච්ඡා වාරය

  • අප ගැනම වටහාගැනීම සහ අපගේ මනස වටහාගැනීම හරහා අන් අය වටහාගන්නා අයුරු පහදා දෙන්න.
  • පසුගිය සති කිහිපය තුළ අප ඉගෙනගත් කරුණු පවුලේ සාමාජිකයන්, සමාජයේ අන් අය හෝ පරිසරය සමග කරන අන්තර් සබන්ධතාවලදී භාවිත කළ හැකිද?
  • දේශගුණික ගැටලු ගැන සාකච්ඡා කරන්න - සතිය පුහුණු කිරීම තුළින් මෙම ගැටලුවලට පිළියමක් ඉදිරිපත් කළ හැකිද? සෑම සතිමත් මොහොතකින්ම මුදා හරිනු ලබන සාධනීය මානසික බලය පරිසරය සන්සුන් කරයි; දේශගුණය ආරක්ෂා කරයි.
  • දිනපතා පුහුණු වීමේ වැදගත්කම නැවත අවධාරණය කරන්න - ඇවිදීම, හිඳගැනීම, ආහාර ගැනීම, මනස නිශ්ශබ්ද කිරීම.
  • ගුරුවරුන් දිරිගැන්වීම සඳහා පන්තියේදී භාවිත කළ හැකි සරල මෙවලම් කිහිපයක් නිර්දේශ කරන්න. (උදා : මුල් මිනිත්තු 10 ක කාලය තුළ, සිතුමිණ (Mind Jar/Glitter Jar) භාජනය භාවිත කර දිලිසෙන කැබලි පහළට යෑම බලා සිටිය හැකිය. එසේ නැතිනම් නාද පාත්‍රය / යමෙරුකාව ( Gong) නාද කර අවසානය දක්වා සවන් දීමට සැලැස්විය හැකිය.)
  • සතිමත් බව පුහුණු වූ මනසකට සමාජීය හා චිත්තවේගී ඉගෙනීම් (Social Emotional Learning - SEL) අවබෝධ කරගැනීමට සහ අදාළ කරගැනීමට වඩාත් හොඳින් හැකි වන්නේ කෙසේදැයි සාකච්ජා කරන්න. මෙය සාර්ථකව උගැන්වීම සඳහා සතිමත් බව වටහාගැනීම සහ පුහුණු වීම වැදගත්ය. SEL යනු වෙනත් විෂයක් “උගැන්වීමක්” වැනිය. එහෙත් සතිය යනු “පුහුණුවක්” බෙදාගැනීමයි.



Question ප්‍රශ්නෝත්තර වාරය




Reading කියවීම් 


PDF සති පාසල පොත - 7 සතිය (ලිපි 5) 



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව

Video සිව්වන ඒකකය - පළමුවන සැසිවාරයේ සජීවී පටිගත කිරීම