තුන්වන ඒකකය - පළමුවන සැසිවාරය


මාතෘකාව : නිහඬව නිරීක්ෂණය කිරීම


අවදි බවින් යුතු, අවධානයෙන් යුතු, ක්‍රියාශීලී නිහඬ නිරීක්ෂකයෙකු වීම.



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව


Video වීඩියෝ පට 4


1. සතිමත් ඇවිදීම එකරෝ 3 - විනාඩි 5

   
   

2. නිහඬ නිරීක්ෂකයකු වීම - විනාඩි 9

   
    




Discussion සාකච්ඡා වාරය

  • මනසෙහි නිහඬ අවකාශයක්
  • නිර්මාණය කිරීම. මේ සඳහා අපට සතිය භාවිත කළ හැකිද? පාසලේ අභියෝගාත්මක අවස්ථාවලදී කටයුතු කිරීමට මෙය උපකාරී වන්නේ කෙසේද?
  • එක් එක් අවස්ථාවලදී මනස ප්‍රතික්‍රියා කරන / ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ඉවසිලිවන්ත වීමට ඉගෙනගන්න. එම අවස්ථාවලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම යෝග්‍යද? නැතහොත් ඉවසීමෙන් සතිමත්ව ප්‍රතිචාර දැක්වීමද යෝග්‍යද? පාසල, පන්තිය සම්බන්ධ උදාහරණ ඇසුරින් සාකච්ඡා කරන්න .
  • පාසලට හෝ ඥාතියකුගේ නිවසකට යන විට, විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරන්නේ නම්, වාහනය තුළදී සතිමත්ව ඉවසිලිවන්තව කටයුතු කරන්නේ කෙසේද? තවද, පාරේ ඇවිදින විටත් සාප්පුවකට ගොස් මුදල් ගෙවීමට පෝලිමේ රැඳී සිටින විටත් ඉවසිලිවන්තව කටයුතු කරන්නේ කෙසේද?
  • මේ සෑම අවස්ථාවකදීම සතිමත් බව පවත්වාගැනීම අප දෛනිකව සතිය පුරුදු කරන විට පහසු වේ. (උදා: සතිමත්ව වාඩි වී සිටීම, සතිමත්ව ඇවිදීම, සතිමත්ව සවන් දීම, සතිමත්ව ආහාර ගැනීම / රස දැනීම)
  • ඉරියව් ගැන සතිමත්ව සිටීම: අපගේ ඉරියව් වෙනස් කරන විට - වාඩි වී සිට සිටගැනීම, සිටගෙන සිට ඇවිදීම, ඇවිදීමෙන් පසු වැතිරීම ආදී අවස්ථාවල පූර්ණ අවබෝධයෙන් සහ සතිමත්ව සිටිය හැකිද?




Question ප්‍රශ්නෝත්තර වාරය




Reading කියවීම් 


PDF සති පාසල පොත - 5 සතිය (ලිපි 5) 



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව

Video තුන්වන ඒකකය - පළමුවන සැසිවාරයේ සජීවී පටිගත කිරීම