මාතෘකාව : මේ මොහොතට සතිමත් වීම
සතිමත් ඇවිදීම,
හිඳගැනීම හා එදිනෙදා කටයුතුවලදී සතිමත් වීම යන සියල්ලම එකම පුහුණුවක් බව හඳුනාගැනීම. සති
සම්පජඤ්ඤයට ප්රවේශයක් ලබා දීම. සතිමත් වීමට ඇති බාධා සහ අසතිමත් බව හඳුනාගැනීම.
සතිය පුහුණු කිරීම
|
මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව
|
වීඩියෝ පට 4
|
1. සතිමත් ඇවිදීම ඒකාරෝ 1 - විනාඩි 6
2. දෛනික කටයුතුවලදී සතිමත් වීම - විනාඩි 8
3. සතිමත් ඇවිදීම - විනාඩි 9
4. සතිමත් හිඳගැනීම - විනාඩි 9
|
සාකච්ඡා වාරය
|
- පළමුවන ඒකකයේ සාකච්ඡා කරන ලද කරුණු ඇසුරෙන් තමන්ට ලැබුණු අත්දැකීම් මොනවාදැයි විමසීම.
- පුහුණුව අතරමැදදී මුහුණ දීමට සිදු වුයේ කුමන බාධකවලටද? සිත අතීතයට ගියේද? අනාගතයේ සැරිසැරුවේද? හුස්මට හෝ ඉරියව් හතරෙන් එකකට සිත යොමු කළ හැකිද?
- සතිමත් වාඩි වීම ගැඹුරින් සාකච්ඡා කරන්න. ක්රමයෙන් අවධානය හුස්මට යොමු කරන්න. සෑම හුස්මක්ම අත්දකින්න. එක් එක් හුස්මෙහි ආකාර සනිටුහන් කරගන්න.
- සතිමත් ඇවිදීම අපගේ ගතත් සිතත් කර්මණ්ය කරන සාධකයකි. සැම විටම සතිමත් වාඩි වීමකට පෙර සතිමත් ඇවිදීමක යෙදෙන්න.
- ආහාර අනුභව කරන විට සතිමත් වීම ඉතා වැදගත්ය. එය පුරුදු කරන්නේ කෙසේද?
- අප එළඹ සිටි සිහියෙන් හා අවධානයෙන් දවසේ වැඩ කටයුතුවල නියැලෙන්නේ කෙසේද? අප කීවරක් අප්රසන්න අවස්ථාවලට මුහුණ දෙනවාදැයි සලකා බලන්න. කොපමණ වාර ගණනක් අපි ඉබ්බෙකු මෙන් කටුව ඇතුළට වැදී නිහඬ වන්නෙමුද?
|
ප්රශ්නෝත්තර වාරය
සතිය පුහුණු කිරීම
|
මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව
|
දෙවන ඒකකය - පළමුවන සැසිවාරයේ සජීවී පටිගත කිරීම
| |