පළමුවන ඒකකය - පළමුවන සැසිවාරය


මාතෘකාව : වැඩසටහන හඳුන්වාදීම


මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පාසල්වල ගුරුභවතුන් ලවා සිසුන්ට සතිය උගන්වන විධි පුහුණු කරවීමට සම්පත් දායකයන් පුහුණු කිරීමයි. ඒකක සතරකින් යුතු මේ වැඩසටහන සති හතරක් පුරා සෑම සතියකම දින දෙකක් තුළ පැය දෙකක කාලයක් zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. සතිය පුහුණු කිරීම සඳහා සෑම සැසියකදීම උපදේශාත්මක වීඩියෝ පට, සාකච්ඡා සහ ප්‍රශ්නෝත්තර වාර, පුහුණු කිරීම් හා නිර්දේශිත රචනා යොදාගනු ලැබේ.


Discussion සාකච්ඡා වාරය

  • මේ පුහුණු පාඨමාලාවේ අරමුණ වන්නේ සියලුම ගුරුවරුන්ට සහ දරුවන්ට (ශ්‍රේණිය හා විෂය නොතකා) සතිය උගැන්විය යුතු බවත් සතිමත් බව ක්‍රියාවේ යෙදවීමෙහි සරල බව සහ එහි අගය ඔවුන්ට වටහාදීමත්ය.
  • මෙහිදී උගන්වනු ලබන්නේ සති මාත්‍රය හුදෙක්ම නිවාරණ උපායක් ලෙසිනි. (වෙදකමකට වඩා හෙදකමක් ලෙසය)
  • ගුරුවරුන්ට සහ ශිෂ්‍යයින්ට උගැන්වීමට පෙර සතිමත් බව පුහුණු කිරීමත් ඒ අත්දැකීම වටහාගැනීමත් මෙහිදී අවධාරණය කළ යුත්තේය.
  • සැසිවාර 1 සිට 8 දක්වා (ඒකක 4 මුළුල්ලේම) උගන්වනු ලබන්නේ එකම පුහුණුව නැවත නැවතත් කිරීම මගින් සිදු වන ක්‍රමික විකාශයකි.
  • සති පාසල පොතෙහි අන්තර්ගත ලිපි මත සැසිවාර 8 ම පදනම් වී ඇත. මෙම සැසිවාර පටිගත කොට පරිශීලනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙහි සති පාසල වෙබ් පිටුවෙහි සහ සමාජ මාධ්‍ය අඩවිවල පළ කරනු ලැබේ.
  • සෑම පුහුණු සැසිවාරයක්ම මෙහෙයවීමකින් යුතු වූ සතිමත් පුහුණුවකින් ආරම්භ වේ;අවසන් වේ.


මාතෘකාව : සති පාසල හඳුන්වාදීම

සති පාසලේ පරිණාමය හා ප්‍රගතිය


Video වීඩියෝ පට 1 - සති පාසලේ ආරම්භය - විනාඩි 8


 


Reading කියවීම් 

PDF 

සති පාසල ගුරු අත්පොත - පළමුවන පරිච්ඡේදය (සති පාසල ශ්‍රී ලංකාව)



මාතෘකාව : සතිය හඳුන්වාදීම

සති යනු පාලි වචනයකි. සිංහලෙන් එය සතිය / සිහිය හෝ දැනුවත් භාවය යයි හැඳින්වේ. මෙයින් සරලවම අදහස් වන්නේ, හැකි සෑම මොහොතකදීම අප කරන කියන සිතන දේ පිළිබඳව පූර්ණ සිහියෙන් හෝ සම්පූර්ණයෙන් දැනුවත්ව සිටීමයි.

Video වීඩියෝ පට 3


1. සතිය හඳුන්වාදීම - විනාඩි 8

 
 

2. සතිමත් ඇවිදීම - විනාඩි 6

 
 

3. සතිමත් හිඳගැනීම - විනාඩි 8 

 
 



Discussion සාකච්ඡා වාරය

  • සතිමත් බව වැදගත් ඇයි ? එය ගුරුවරුන්ට, අධ්‍යාපනඥයින්ට සහ සිසුන්ට උපකාරවත් වන්නේ කෙසේද? එය පාසලට - ආධ්‍යාපනික වශයෙන් හෝ වෙනත් අතින් - වැදගත් වන්නේ කෙසේද? එය මුළු රටටම ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
  • හැම කෙනකු තුළම සහජයෙන්ම සතිමත් බව පවතියි. ක්‍රමික පුහුණුව මගින් අපි ඒ සහජ කුසලතාව මතු කරගෙන දියුණු කරමු; පෝෂණය කරමු.
  • මාංශ පේශි වර්ධනය කරගැනීම සඳහා ව්‍යායාම් ශාලාවකට(Gym) යන්නාක් මෙන් සතිමත් බව පුහුණු කිරීම හරහා අපි අපේ “මානසික පේශි” වර්ධනය කරගනිමු.
  • වියපත් වන තුරු නොසිට ළාබාල වියේම සති මාත්‍රය ඉගෙනගෙන පවුලේ අය සහ මිත්‍රයින් දැනුවත් කිරීම වැදගත් වන්නේ ඇයි?
  • මේවා පුහුණු කරන්න: වාඩි වී ඉන්නා ඉරියව්වේදී ‘දැන් මෙතැන’ හෝ ‘මම - දැන් - මෙතැන’.
  • සතිමත් ඇවිදීම යනු කුමක්ද? සතිමත් ඇවිදීම වැදගත් වන්නේ ඇයි?මෙය ඉගෙනගැනීමේ වාසිය කුමක්ද?
  • සිතුවිලි සහ හැඟීම් ගැන සාමාන්‍යයෙන් දැනුවත් වීම. ප්‍රසන්න සහ අප්‍රසන්න සිදුවීම් සතිමත්ව අත්දැකීම. අප්‍රසන්න සිදුවීම්වලදී ඉබ්බකු මෙන් අඬු හකුළාගැනීම.
  • “සෙමින්, සතිමත්ව, නිශ්ශබ්දව” (Slowly Mindfully Silently – SMS) යන සංකල්පය හඳුන්වා දීම.



Question ප්‍රශ්නෝත්තර වාරය




Reading කියවීම් 


PDF සති පාසල පොත - 1 සතිය (ලිපි 5) 
PDF සති පාසල ගුරු අත්පොත - දෙවන පරිච්ඡේදය (සතිය නිර්වචනය) 
PDF සති පාසල ගුරු අත්පොත - තුන්වන පරිච්ඡේදය (සතියේ ලක්ෂණ)



Practice සතිය පුහුණු කිරීම

මග පෙන්වීමක් සහිත සතිමත් පුහුණුව

Video පළමුවන ඒකකය - පළමුවන සැසිවාරයේ සජීවී පටිගත කිරීම