- මෙම පාඨමාලාවේ අරමුණ
- පළමුවන ඒකකය
පළමුවන ඒකකය
මෙම ඒකකයේ සාකච්ඡා වන කරුණු,
• සති පාසල හැඳින්වීම සහ සතිය හඳුන්වා දීම
• සති මාත්‍රය හඳුනාගැනීම සහ පුරුදු කිරීමසති පාසලේ පරිණාමය හා ප්‍රගතිය පිළිබඳ දළ විශ්ලේෂණයක්. සතිය හැඳින්වීම: ‘සති’ යනු පාලි වචනයකි. සිංහලෙන් එය සිහිකල්පනාව හෝ දැනුවත්භාවය ලෙස හැඳින්වේ. මෙයින් සරලව අදහස් වන්නේ, සෑම මොහොතකම අප කරන දේ, අප පවසන දේ සහ අප සිතන දේ පිළිබඳව පූර්ණ අවධානයෙන් හෝ සම්පූර්ණයෙන්ම දැනුවත් විය යුතු බවයි.
පළමුවන සැසිවාරයේදී හඳුනාගත් සතිමත් ඇවිදීම හා හිඳගැනීම තව දුරටත් පුහුණු කිරීම. එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලදී සතිමත් වන සැටි හඳුනාගැනීම.
පළමුවන ඒකකයේ ප්‍රගුණ කළ කරුණු
- සති මාත්‍රය පිළිබඳ අවබෝධයක්. එය අප සියලුදෙනාට වර්ධනය කළ හැකි, පුහුණු කළ හැකි, තනිව ඉගෙනගත හැකි මානසික පුහුණුවක් සහ ප්‍රාගුණ්‍යයකි. එය අප සියලුදෙනා තුළ සහජයෙන් ඇති, එහෙත් සක්‍රිය කළ යුතු ගුණයකි. පුහුණුව මුල් කරගත් උගැන්වීම (practice oriented teaching) ඇසුරින් සති මාත්‍රය අනික් අයටත් උගැන්විය හැකිය.
- ගුරුවරයා සිසුන්ට මේ කරුණු පහදාදීමට සමත් විය යුතුය: සති මාත්‍රය නොහොත් සතිමත් බව යනු කුමක්ද? මා සතිමත් වීමට ඉගෙනගන්නේ කෙසේද? දෛනික කටයුතුවලදි සතිමත් බව මුල් කරගත් ක්‍රියාකාරකම් නිර්මාණශීලීවත් විනෝදජනක ලෙසත් යොදාගත හැකි වන්නේ කෙසේද?
- සතිමත් පුරුදුවල වැදගත්කම වටහාගැනීමටත් සති මාත්‍රය හෙවත් සතිමත් බව මොළය, සිත, ශරීරය සහ සාමාන්‍ය හැසිරීම කෙරෙහි ඇති බලපෑම ගැන සරලව පහදාදීමට ගුරුවරයා සමත් විය යුතුය.
- සති මාත්‍රය වටහාගැනීම, එහි භාවිතය පුහුණු කිරීම: හුස්ම (නාසය අග හුස්ම වැදෙන අයුරු කෙරෙහි අවධානය, හුස්ම ගැනීමේදී උදර පේශි චලනය), සති මාත්‍රය මුලින් හඳුනාගෙන පසුව ඇවිදින විට සතිය පුහුණු කිරීම, වාඩි වන විටත් / නැගිටින විටත් / ආහාර ගන්නා විටත් සතිමත් වීම, සතිමත් ශ්‍රවණය, වර්තමාන මොහොත වෙත සිත සහ කය යොමු කිරීම.
- මේ ක්‍රියාකාරකම් සිසුන්ට කියාදීමේදී ගුරුවරයා සරල අභ්‍යාස දීමට සමත් විය යුතුය. (නිදසුන්: බිම හෝ පුටුවක සතිමත්ව වාඩි වී සිටීම, ඉතා කුඩා සිසුන්ට නම් හුස්ම ඉහළ පහළ යාමත් සමග උදර චලනය කියාදීම සඳහා මෘදු සෙල්ලම් බඩු යොදාගැනීම, තෝරාගත් සක්මන් පථයක සතිමත්ව ඇවිදීම, සතිමත්ව මුද්දරප්පලම් හෝ ජුජුබ් අනුභව කිරීම, සීනුවට සතිමත්ව ඇහුම්කන්දීම, සිතුමිණ (Mind Jar) සෙලවූ පසු එහි ඇති දිලිසෙන කැබලි ආපසු තැන්පත් වන අයුරු බලා සිටීම)
- සතිය පුහුණු කිරීමට මෙම ක්‍රියාකාරකම් යොදාගන්නා ආකාරය ගුරුවරුන්ට තීරණය කළ හැකිය. 1. දවස මුලදී (පළමුවන කාලච්ජේදයට පෙර විනාඩි 10 දී) සහ විවේකයට පසු (විනාඩි 5) යොදාගන්නා සරල ක්‍රියාකාරකම් 2. සතිපතා විනාඩි 30 කාලය තුළ යොදාගන්නා ක්‍රියාකාරකම්.